Posted by: quantumx | September 13, 2008

I’m coming back home හෙවත් DeLonගේ නිරුවත | නොහොත් බළලා මල්ලෙන් එලියට පැනීම

අද කාලේ වැඩිම මිලකට වැඩියෙන්ම විකිනෙන්නේ මොකක්ද කියල යමෙකු ඇසුවොත් දිය හැකි හොදම පිලිතුර කුමක්ද? අනිවාර්යයෙන්ම ජාත්‍යාලයයි. ජාතියට ඇති ආදරයට මිලක් දිය නොහැකි බැවිනුයි ඒ. එනමුත් පටු දේශපාලන සහ පෞද්ගලීක වාසි තකා අද කාලේ වැඩිම මිලකට හැකි සියලුම දෙනා විකුනන්නේ ජාත්‍යාලය නොවේද?

අතිගරු මහින්ද රාජපක්ෂ ගෙන් පටන් ගෙන ලංකා බෙල්, ලාෆ්ස් ගෑස්, කාර්ගිල්ස් සහ දැන් DeLon පවා විකුනන්නෙ ජාත්‍යාලයයි.

M.I.A ගේ Paper Planes Diss youtube video පටය දුටු දවසේ දැඩි ලෙස මම DeLon ගේ එම ක්‍රියාව අගය කලෙමි. නමුත් ටික දවසක් යන විට යථාර්තය අවබෝධ විය. එම යථාර්තය වන්නේ, DeLon යනු සාමාන්‍ය මිනිසෙකු බවත්, ඔහුත් උත්සාහ කරන්නේ ඔහුට යම් කිසි ස්ථානයක් අන්තර්ජාලය තුල ලබාගැනීමට බවත්ය.

අපි දන්නා පරිදි youtube අඩවිය විසින් DeLon විසින් එලිදක්වන ලද MIA Diss video දැඩි ලෙස ඉවත් කරන ලදී. බහුතරයක් දෙනා සිතුවේ youtube අඩවිය LTTEයට සහයෝගය දීමක් ලෙස මෙය සිදු කල බවයි. එහෙත් සත්‍යය වන්නේ යූටියුබය එලෙස කලේ MIAගේ ඔරිජිනල් video පටයේ තිබුනු කොටස් සහ සංගීතය DeLon ඒ අයුරින්ම ඔහුගේ diss video පටයේ උපයෝගී කරගෙන තිබුනු නිසයි. එය බුද්ධිමය දේපල පනත යටතේ සිදු කල නොහැක්කකි. මට හැගෙන පරිදි MIA ගේ නොදැනුවත් කම නිසා හෝ DeLon ගේ වාසනාව නිසා හෝ, අන්තර්ජාලයට එම Diss video පටය නිකුත් කල වුන් රාශියක් සිටි නිසා හෝ නීතිමය පියවරක් ගැනීමට MIA උත්සුක නොවීය. කෙසේ හෝ වේවා DeLon විසින් අන්තර්ජාලීය දේශප්‍රේමීන් ලවා කොස් ඇට බා ගත් බව නම් පැහැදිලිය.

අද උදේ මම දුටු Video පටයකින් මාගේ අදහස තව දුරටත් ස්ථිර විය. පහත දක්වෙන්නේ එම දර්ශනයයි.


මෙම video පටයට අනුව DeLon විසින් ලගදීම නව ඇල්බමයක් නිකුත් කිරීමට සැරසෙයි. දැන් ඔහුට ලාංකීය සමාජය තුල ඇත්තේ එයටම සරිලන පිලිගැනීමකි. ලාංකීය, අඩ නින්දේ පසුවන, ලේසියෙන් රැවටිය හැකි, දේෂප්‍රේමීත්වයෙන් ඇස් අන්ධ බහුතරයක් දෙනා හට DeLon යනු සැබෑ මිනිසෙකි – සැබෑ දේෂප්‍රේමියෙකි.  ඔවුන් නොදන්නා කරුණ වන්නේ DeLon විසින් ඔවුන්ව රවටා ඇති බවත්, ඔහුගේ CD පටයට මිලක් නිමකර ඇත්තේ හෙළයන්ගේ ජාත්‍යාලය විකිනීමෙන් බවත්ය.

එනමුත් සෑම විටම උපේක්ෂාවෙන් බලා සිටින ලාංකිකයන් මෙම ක්‍රියාවත් උපේක්ශාවෙන්ම බලා සිටින බව සක්සුදක් සේ මම දනිමි.. මන්දයත්, DeLon විසින් එයටම සරි වටපිටාවක් නිර්මානය කර ඇති බැවිනි. එනම්, බළලා මල්ලෙන් එලියට පැන්නත් ඇස් අන්ධ බැවින් එය නොපෙනෙන බැවිනි.


Responses

  1. ඔක මම දකින්නෙ මචන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමක් හැටියට. එහෙමත් නැත්නම් රැවුල ගිනිඅරන් ඉන්න එකාගෙ ගින්දර අරන් සිගරට් පත්තු කරගන්න එක.

    සුද්දන් විසින් සොයාගත්ත උපකරණම පාවිච්චි කරමින් අද අපි අපේ දෙයක් ගැන කතාකරන්නත්. තමන්ගේ කොන්දෙ කැක්කුම හොදකරගන්න ගානවාට වඩා පිටරටට සල්ලි යාම වලක්වා ගන්න සිද්ධාලේප ආලේප කරගත යුතු බවත් පුන පුනා අපට කියන්නටත් හේතු වී ඇත්තේ ඔය කියන ජාත්‍යාලය මාකට් කිරීමයි.

    ඔය ජාතිවාදී ලොසිංජර තිත්ත රස උනත් පැණි රස උනත් අපේ අයට ගානක් නැත. මොකද උන්ගේ දිවේ රස නහර මැරිලා හුගක් කල්ය. කලා නිර්මාණයක් තව දුරටත නිර්මාණයක් නොවේ. ජාත්‍යාල සහ ආගම්වාදී ලොසිංජර වලින් කටවල් තිත්ත කරගත් උන්ට කලාවක රසයක් දැනෙන්නේද නැත. දැනෙනවානම් ඒ උන්ට ඕනෑ විදිහටය. ‍ජේසුතුමා තිත්තය බුදු හාමුදුරුවෝ පැණි රසය.

    තැටිය රත් උන වෙලේ රොටිය බාගන්නන්ද පුදුරු පදුරු ගානේ බිහිවෙයි. වාරණය සහ දෝෂාරෝපණය නිර්මාණයකට සැලසිය හැකි උපරිම ප්‍රොමෝට් වීම සහ සෙක බව උන් දනිති. දෙමලුන් ඒ ගී තැටි ගෙන පුච්චති. සිහලුන් ඒවා අසා දෙමලුන්ව පුච්චති. රොටිය පුච්චන උන් ඒ ගින්නෙන් මාලිගා හදති. අපි බකන් නිලාගෙන බඩ උලාගෙන සිටිමු.

  2. ඇත්තටම xp ඕක සම්පතාටත් කියන්න ඕන. එයා තමයි මාවත් ඕකට ගාවගත්තේ. හික් හික්…

    මමත් මගේ ඔබනල නිවසේ ඔය වීඩියෝව දාල දවස් කීපයක් තිබ්බා. ඇත්තටම මට වැඩේ තේරුණා. ඉතිං වහාම ඒක අයින් කරගන්න මම කටයුතු කලා. mia diss ගීතය හරහා මම mia ව අඳුණගත්තා. ඒ වගේම delon ඇගේ ගීය අමුවෙන්ම කොපි කරල තියෙන බව දැනගැනීම නිසා මම ලැජ්ජාවට පත් වුණා.

    ඇත්තටම අද සුලභව විකිණෙන බොහෝ භාණ්ඩ වලට මේ ජාත්‍යාල සංකල්පය ඇතුල් කිරීමේ වෑයමක් තියෙනව. ලංකාවෙදි හැම දේම සිද්ධ වෙනව වගේ ඒක කල යුතු විධියට නෙවෙයි වෙන්නේ. ඒ විධියට සැබෑ ලාංකිකයන්ගේම නිෂ්පාදන විකුණන්න කිසිම වෑයමක් නෑ. ඒ වගේම කරන හොඳ දේවල් මේ ජාත්‍යාල ලේබලය තුලම අසාධාරණ විධියට පාච්චල් වෙන අවස්ථාත් ඕන තරම්. කතා කරන්න ඕන තරම් දේවල්.. ඒත්…

  3. @ Boman > ඔය ටොපික් එක අපි ඊයෙත් කතා කලා නෙ මචං…
    ඔහොම තමයි බං ඕව… කාට කියන්නද… මේක බැලිය යුතු පිරිසක් EK එකෙත් ඉන්න නිසා එතනත් දානවා කට්ටිය මොකද කියන්නෙ කියල බලන්න. පස්සෙ බලමු reply හෙහෙ

    මෙන්න මේක නම් මසුරං වටින කතාව මචං
    “තැටිය රත් උන වෙලේ රොටිය බාගන්නන්ද පුදුරු පදුරු ගානේ බිහිවෙයි. වාරණය සහ දෝෂාරෝපණය නිර්මාණයකට සැලසිය හැකි උපරිම ප්‍රොමෝට් වීම සහ සෙක බව උන් දනිති. දෙමලුන් ඒ ගී තැටි ගෙන පුච්චති. සිහලුන් ඒවා අසා දෙමලුන්ව පුච්චති. රොටිය පුච්චන උන් ඒ ගින්නෙන් මාලිගා හදති. අපි බකන් නිලාගෙන බඩ උලාගෙන සිටිමු.”

  4. DeLon, M.I.A – මේ හැමදෙනාම මේ ජාත්‍යාලය පෙන්නා කරන්නේ වෙළදාමක්.

    වත්මන් ලංකාව තුල ඔය ජාත්‍යාලයත් දේශප්ප්‍රේමයත් හැමදේමත් සියල්ල තීරණය වෙන්නේ අවස්ථාවාදය මත.

    වරක් රොහිත භාෂණ අබේවර්ධන පුවත්පතක ලියා තිබුනා ලංකාවේ අවසන් විචාරශීලි දශකය 80 දශකය බව, ඒය ඇත්ත මා දන්නේ නැහැ. ඒ කොහොම වෙතත් අද ලාංකීය සමාජය තුල මේ කියන විචාරශීලි බව නැති බව නම් සහතිකයි. ජාති-කුල-ආගම් වලින් බෙදිච්ච, තව දුරටත් එවැනි බෙදීම් වලට උල්පන්දම් දෙන, මතවාද තුල ඊට ප්‍රතිවිරෝධී මතයන් ප්‍රමාණවත් ලෙස සමාජගත ොවෙන්නේ ඒකයි.

  5. @ Haresh > හෙහෙ මම ඕක සම්පත්ට කියුව මචං ඒ දවස් වල. මිනිහත් පිලිගත්ත ඒ කතාව. මොලේ තියෙන, පාට පාට කණ්නාඩි නොදාන ඕනිම කෙනෙක්ට ඒක ටික කලක් යන විට තෙරෙනවනෙ මචෝ.

    ඔයා කියන කතාව හරියටම හරි හරේ. කරන්න ඔනේ දේවල් නෙවෙයි කරන්නේ, නොකරන්න ඕනි දේවල්. අත දීලා නැගිටවන්න ඕනෙ මිනිහව පාගලා දාල සල්ලි තියන මිනිහව ජාත්‍යාලය පිට දාල තවත් උඩින් උස්සල තියනව. එහෙම කෙනෙක්ව උඩින් උස්සලා තියන එක වැරදි නැහැ, නමුත් අත දෙන්න ඕනි කෙනාව පාගලා දාන එක නම් වැරදියි. කොච්චර ලංකාවේ ඉන්නවද දේශීය නිශ්පාදකයො අත දෙන්න කවුරුත් නැති කමෙන් අසරණ වෙච්ච….

  6. @ Kasun >> අනිවර්යෙන්ම ඔව් කසුන්. ඔක්කොමල්ලා කරන්නෙ වෙලදාමක්. නමුත් ඒක කරන්න විකුනනේ මිනිස්සුන්ගෙ ජාත්‍යාලය නිසා තමයි දුක හිතෙන්නෙ.

    කොහොමත් ලංකාවෙ මිනිස්සු බහුතරයක් අවස්ථාවාදීන් තමයි නේද? 🙂 (සමහරවිට අපිත් ඇතුලත්ව…)

    විචාරශීලී දශකය ගැන කියපුව හරියි කියල මටත් හිතෙනව දැන් දැන් වෙන දෙවල් දැක්කම නම්…

    ඔන්න ඔය බෙදීම් වලට උල්පන්දම් දෙන සමාජ ක්‍රමය නිසා තමයි මතවාද වලට ප්‍රතිවිරෝධයක් ගොඩ නොනැගෙන්නෙත් ලංකාව යකාගේ දිවයිනක් වෙලා තියෙන්නෙත්.

    ගොඩ ගන්නට විදි රාශියක් තියෙනව.. නමුත්…

  7. “කොහොමත් ලංකාවෙ මිනිස්සු බහුතරයක් අවස්ථාවාදීන් තමයි නේද? 🙂 (සමහරවිට අපිත් ඇතුලත්ව…) “–quantumx

    “ගොඩ ගන්නට විදි රාශියක් තියෙනව.. නමුත්…” quantumx
    —-

    මට හිතෙන විදියට හරි හෝ වැරදි හෝ විජේවීරගෙන් පසු ලංකාවේ ප්‍රභල නායකත්වයක් බිහිවුනේ නැහැ. ඒ වගේම මේ ක්‍රමය වෙනස් කරන්නට තරම් ප්‍රභල සමාජ-දේශපාලනික ව්‍යාපාරයක් ඇතිවීත් නැහැ. ලංකාව අද නියමුවෙක් නැති නැවක් වගේ.

    අනෙ මන්දා මෙ සියල්ල කොහෙන් කෙලවර වේවිද කියල

  8. @ කසුන් > විජේවීරගේ යම් යම් වැරදි තිබුනත්, මමත් ඉන්නෙ ඔයාගෙ මතයෙම තමයි කසුන්. ඊට පස්සේ තවමත් හරි නායකයෙක් පහල වුනේ නැහැ. සහ මම දන්න විදියට එහෙම උඩට එන්න ඉන්න ප්‍රභල නායකයින්ව තිමිරිගෙයිම මරල දානවා.

    පටු දේශපාලනික වාසි තකා එහෙම වෙන බව නම් පැහැදිලියි. සියල්ල යුද්ධය පිට දාලා තමුන් රැකෙන ව්‍යාපාරයක් තමයි ගෙනියන්නෙ කවුරු කවුරුත්. හරි දේශපාලනික රාමුවක් නැතුව ඔහේ පාවෙන නැවක් වගේ නම් තමයි.

  9. ඇත්ත. මෙවැනි තත්වයක් උඩ අවස්ථාවාදීන් බිහිවීම අරුමයක් නොවෙයි. හරියාකාරව සමාජ ගැටළු පිළිබඳ විවේචක් නැතිවෙන කොට මිනිස්සු තමන්ගේ හීනමානය එළියට දාන්නේ එක්කො ජාතිවාදය හරහා නැතිනම් අර්ථයක් නැති ප්‍රචන්ඩත්වය මඟින්. ඊනියා අවුරුදු 2500 ක ඉතිහාසය ගැනයි. අපිට අතීතයේ තිබුනු සදාචාරයක් ගැනයි බණ දෙසන මේ මිනිස්සු අද ලාංකිකයාගේ මනස හැසිරෙනනේ කෙසේදැයි සිතන්නට උත්සහ කරන්නේ නැහැ.

  10. @ කසුන් >>

    ඔහොම හිතන අය තවත් ඉන්නව දකිනකොට හිතට අමුතු සතුටක් දැනෙනව මිත්‍රයා 🙂

    මෙත්ථා, මුදිථා, කරුණා, උපේක්ඛා කිය කිය අපේ සිංහල සමහර දෙනා කරන දේවල් දැක්කම හිනත් යනව විටෙක… දුකත් හිතෙනවා…

    ජාතිවාදය, ආගම්වාදය මුල් බැස ගිය සමාජයක ඔයා වැනි, සම්පත් වැනි, බොමන් වැනි, හරෙශ් වැනි, මලී වැනි පාට පාට කන්නඩි නොදාන අය ඉන්නව කියලා දකිනකොට පුදුම සතුටක් ඇති වෙන්නෙ.

    ඔන්න ඔය හීනමානය තමයි ලොකු හෙනයකට තියෙන්නෙ අපේ රටේ. තමුන්ට තමුන් ගැන ආඩම්බර වෙන්න දෙයක් නැති කොට පුරාජේරු ගැසීමට ගොඩක් අය භාවිතා කරන්නෙ ඔන්න ඔය හීනමානය නිසා හටගත් ආගම්වාදය සහ ජාතිවාදය.

    Quote from Boman — “ඔය ජාතිවාදී ලොසිංජර තිත්ත රස උනත් පැණි රස උනත් අපේ අයට ගානක් නැත. මොකද උන්ගේ දිවේ රස නහර මැරිලා හුගක් කල්ය. කලා නිර්මාණයක් තව දුරටත නිර්මාණයක් නොවේ. ජාත්‍යාල සහ ආගම්වාදී ලොසිංජර වලින් කටවල් තිත්ත කරගත් උන්ට කලාවක රසයක් දැනෙන්නේද නැත. දැනෙනවානම් ඒ උන්ට ඕනෑ විදිහටය. ‍ජේසුතුමා තිත්තය බුදු හාමුදුරුවෝ පැණි රසය”

  11. kind of off topic tho … chk da last parts of this vdo 😉 😉 exactly time line 3.31 … wht ya’ll think? :S

  12. @ Sudda > haha lol roflmao hehe

    onna balapan weda 😛

    Very irrelevant… I seriously can’t get the connection between koththu and LTTE.

    Lol selling war to earn money – another cheap trick by iraj.

  13. @ sudda:

    koththu kaawama ehema wenawalu 😛

    mona karannada itin ape aya usas nirmaana kiyanne amuthu jaathiye ewatane 😉

  14. In that perspective BnS can be charged with the most sentences, not because Delon is doing the right thing by coping the whole music track from MIA but BnS never ever published anything about the country nor Iraj…but delon was about that from a long time BnS are the people who are taking advantage of the situation(lets see who are going to defend them :P)
    They waited just enough time to MAKE sure that the govt. is near to crush LTTE and then released their song, and recently they have released another one on the same topic
    You are true about the people’s thinking ability of SL it just seems so clear because everyone is talking about whats happening to SL and its people. The same thing is x1000 worse in US!!! we saw miss universe and that video americans showing america on the world map but americans are free thinkers independent and some how people want that freedom if that happens it’ll be worse than US!
    The funny thing is that noone complains about it.
    What im not agreeing is about wijewira ok hitler was a better leader but it was in a damnation he was leader in – hitler had a reason he had his limits he didnt shoot his OWN PEOPLE wijewira did that he was very dumb in that manner. good leadership should be praised not nut cases like that

  15. Even if he market himself through this..SO WHAT???
    It gives a good image to our Army and SL r8?
    It gives a punch at MIA’s face r8?
    So even if he market himself, it is completely OK because, the thing we want (giving a good omage to our Army, punching on MIA’s face AW the LTTE’s face) is done by his videos..


Leave a reply to quantumx Cancel reply

Categories